1 මොකක්ද මේ පරිගණකය?
පුංචි යාළුවේ, ඔයා දන්නවද? පරිගණකය කියන්නේ අපිට ඕනෑම දෙයක් ඉතා වේගයෙන් සහ නිවැරදිව කරලා දෙන්න පුළුවන් විද්යුත් යන්ත්රයක්.
දැනගන්න:
පරිගණකය ක්රියා කරන්නේ අප ලබා දෙන දත්ත (Data) සහ උපදෙස් (Instructions) අනුවයි.
සජීවී අත්හදා බැලීමක්
ක්ෂේත්රයක් තෝරා පරිගණකය උදව් වන අයුරු බලන්න!
පාසල
රෝහල
බැංකුව
නිවස
පාසලේදී...
ගුරුතුමා ඔයාලට වීඩියෝ පාඩම් පෙන්වන්නෙත්, ඔයාලගේ ලකුණු ලේඛන හදන්නෙත් පරිගණකයෙන්.
2 ඇයි පරිගණකය සුවිශේෂී?
ඉතා වේගවත් (Speed)
ඇසිපිය ගසන වේගයෙන් ගණන් හදන්න පුළුවන්.
නිවැරදි බව (Accuracy)
කවදාවත් වැරදි ප්රතිඵල ලබා දෙන්නේ නැහැ.
ඔයාට දැන් පුළුවන්ද?
පරිගණකයක ප්රධානතම ගුණාංගයක් වෙන්නේ මොකක්ද?