6 ශ්‍රේණිය ICT - පාඩම 2 | Unischool.lk
6 ශ්‍රේණිය - ICT

දෙවන පාඩම: පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය

අපේ පාසලේ පරිගණක විද්‍යාගාරය පරිස්සමෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු.

විද්‍යාගාරයට ඇතුළු වීමේදී...

පාවහන් ඉවත් කරන්න

පිටත ඇති දූවිලි පරිගණක වලට අහිතකර නිසා පාවහන් පිටතින් තබා එන්න.

පේළියට ඇතුළු වන්න

කෑගසමින් දුවන්නේ නැතිව, ගුරුතුමාගේ අවසරය ඇතිව පේළියට ඇතුළු වන්න.

කළ යුතු සහ නොකළ යුතු දේ

කළ යුතු දේ

  • අත් පිරිසිදුව තබා ගැනීම
  • මෘදු ලෙස උපකරණ හැසිරවීම
  • නියමිත පරිදි පරිගණකය ක්‍රියා විරහිත කිරීම

නොකළ යුතු දේ

  • ආහාර පාන විද්‍යාගාරයට ගෙන ඒම
  • විදුලි රැහැන් ඇල්ලීම
  • කුණු කසළ විද්‍යාගාරය තුළ දැමීම

විදුලියෙන් ආරක්ෂා වෙමු!

පරිගණක විද්‍යාගාරයේ ඇති විදුලි පේනු (Sockets) හෝ ලිහිල් වී ඇති විදුලි රැහැන් (Wires) කිසිවිටකත් අල්ලන්න එපා. යම්කිසි පිළිස්සුණු ගන්ධයක් හෝ දුමක් දුටුවහොත් වහාම ගුරුතුමාට දැනුම් දෙන්න.

ක්‍රියාකාරකම

පරිගණක විද්‍යාගාරය තුළ ආහාර ගැනීම සුදුසුද?

Enable Notifications OK No thanks