ඇල්ගොරිතම (Algorithm)
යම්කිසි කාර්යයක් සාර්ථකව නිම කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සමූහය ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ.
උදාහරණය: තේ කෝප්පයක් සැකසීමේ ඇල්ගොරිතමය
- කේතලයට වතුර දමා රත් කිරීම.
- කෝප්පයකට තේ කොළ සහ සීනි දැමීම.
- රත් වූ වතුර කෝප්පයට වත් කිරීම.
- කිරි ස්වල්පයක් එකතු කිරීම.
- හොඳින් හැන්දෙන් කවලම් කිරීම.
ගැලීම් සටහන් සංකේත (Flowchart Symbols)
ආරම්භය / අවසානය
ඕවලාකාරය (Terminator)
වැඩසටහන පටන් ගන්නා සහ ඉවර කරන තැන පෙන්වයි.
පියවර / ක්‍රියාවලිය
සෘජුකෝණාස්‍රය (Process)
යම්කිසි ගණනය කිරීමක් හෝ ක්‍රියාවක් පෙන්වයි.
දත්ත ඇතුළත් කිරීම
සමාන්තරාස්‍රය (Input/Output)
දත්ත ලබා ගැනීම හෝ ප්‍රතිඵල පෙන්වීම සඳහා භාවිතා කරයි.
තීරණය
දියමන්ති හැඩය (Decision)
ප්‍රශ්නයක් අසා "ඔව්" හෝ "නැත" ලෙස තීරණයක් ගැනීමට යොදා ගනී.
නිවැරදි පිළිවෙල සකසමු
පහත රූප සටහනේ හිස් තැන් වලට ගැළපෙන පියවර තෝරන්න (එකතු කළ සංඛ්‍යා දෙකක එකතුව පෙන්වන සටහන):
ආරම්භය
සංඛ්‍යා දෙක එකතු කිරීම
අවසානය